උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුය යන මතයට එරෙහි වනවා; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

පෙබ 19, 2020
  • උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුය යන මතයට එරෙහිව තමන් පෙනී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ සවස කොළඹ පැවති උත්සවයකදී.

    එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    “අපි කවුද සහතික කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ 94ක් සාමාන්‍ය පෙළ අසමත් අය ඉන්නවා කියලා. මගේ අදහස මිත්‍යාවක්. අනෙක් පැත්තෙන් අපි කියමු එතන උගත්කම නැති අය ඉන්නවා කියලා. පාර්ලිමේන්තුවේ උගත් අය කී දෙනෙක් ඉන්නවාද? ආචාර්ය උපාධිය තියෙන කට්ටිය ඇත්ත අය ඉන්නවා පස් දෙනෙක් ඉන්නවා අඩුම ගානේ. සුදුසුකම් සහිත ආචාර්යවරු 6 දෙනෙක් ඉන්නවා. නීතිඥවරු 50කට වැඩියි. සාමාන්‍ය පෙළ අසමත් අය කී දෙනෙක් භාෂා දෙකක් කතා කරන්න දන්නවද? උගත් කියන අය කී දෙනෙකුට කරුණක් ඒගොල්ලත් එක්ක විවාද කරන්න පුලුවන්ද? මම අපේ රටේ දේශපාලඥයන් නූගත් කියලා කියන එකට විරුද්ධව පෙනී සිටිනවා. උගතුන්, උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුයි කියන එකට විරුද්ධව පෙනී සිටිනවා“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 19:59

    Latest News