දශකයට පෙර මතක සටහන්; කින්නියා පාලම (වීඩියෝ)

පෙබ 19, 2020
  • දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් රටේ දැවැන්ත පරිවර්තනයක් සිදුවූ අවධියක් ලෙස වසර 2005 ත් 2015ත් අතර කාලය හඳුන්වන්න පුලුවන්. 

    එයිනුත් බිහිසුණු ත්‍රස්තවාදය නිමා කර රටට සාමය උදා කරමින් දැවැන්ත සංවර්ධනයකට මුල පිරූ වකවානුවක් ලෙස 2010ට පෙර අවධිය හඳුන්වන්නට පුළුවන්. රටේ බිහිසුණු යුද්ධයක් පැවතිය ද 2005-2010 වකවානුව රටට දැනෙන සංවර්ධනයක් ක්‍රියාත්මක වූ බව අපට අමතක කරන්න බැහැ. ඒ යුගය පිළිබඳ නැවත විමසා බලන “දශකයට පෙර මතක සටහන්“...

    කින්නියා පාලම ඉදිකිරීමට පෙර ජනතාව කොඩ්ඩිආරම් බොක්ක හරහා ගමන් කළේ, පාලම් පාරුවෙන්. එය තරමක අවදානම් සහගත ගමනක්. එහි පාලමක් ඉදිකිරීමට පැවති රජයන් 18 වතාවක් මුල්ගල් තබා තිබේ. එහෙත් කින්නියා පාලම් සිහිනය යථාර්ථයක් බවට පත්වුනේ, 2005 වසරෙන් පසුවයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ පාලමේ ඉදිකිරීම් කඩිනම් කෙරුණේ, එතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවයි.

    ඒ අනුව 2009 වසරේ ඔක්තෝබර් 10 වැනි දින ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම ජනතා අයිතියට පත් කෙරිණ. ත්‍රිකුණාමලයේ පුල්මුඩේ මාර්ගයේ ඉදි කළ ඉරක්කණ්ඩි පාලම ද එදිනම ජනතා අයිතියට පත් කෙරිණ. සුනාමියෙන් විනාශ වූ ඉරක්කණ්ඩි පාලම වෙනුවට ඉදි කෙරුණු පාලමට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 71ක්. මෙම දැවැන්ත ව්‍යාපෘතිවලට සමගාමීව පළාතේ ජන ජිවිතය ශක්තිමත් කිරීමට නැගෙනහිර නවෝදය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. ඒ එවකට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන්. පළාතේ මහාමාර්ග, නිවාස, පාසල් ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය කෙරුණේ නැගෙනහිර නවෝදය යටතේ. පළාතේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟා සිටුවීමට ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණ. ත්‍රස්තවාදයට එරෙහිව නැගෙනහිරින් ඇරඹි මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වන අවධියේම මුදා ගත් ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 19:59

    Latest News