නව සන්ධානයේ “හංසයා“ ගැටලුකාරී තත්වයක (වීඩියෝ)

පෙබ 19, 2020
  • සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයේ ලකුණ ලෙස “හංසයා“ යොදා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් ගොඩනැගී තිබෙන බව වාර්තාවේ.

    නව සන්ධානයේ ලකුණ ලෙස “හංසයා“ භාවිත කිරීම පිළිබඳව ඇති නීතිමය ගැටලුව ඊට හේතුව බව මැතිවරණ කොමිසම පෙන්වා දී ඇතැයි සඳහන් වේ. ඉදිරි මහා මැතිවරණයේ දී ඉදිරිපත් වන ආකාරය පිළිබඳ තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්විණ. ඒ සිරිකොත පක්‍ෂ මූලස්තානයේ දී. එහිදී සමගි ජාතික සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව වාර්තාවේ. එහෙත්, සලකුණ සම්බන්ධයෙන් එහිදී නිශ්චිත එකඟතාවයකට පැමිණ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් “අලියා“ ලකුණින් තරග කළ යුතු බව, ප්‍රකාශ කර ඇති අතර, තවත් පිරිසක් “හංසයා“ ලකුණින් තරග කිරීම වඩා සුදුසු බවයි. ඒ පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු කර තිබේ. එහිදී අවසාන වශයෙන් තීරණය වී ඇත්තේ මේ පිලිබඳ නීතිමය තත්වය මැතිවරණ කොමිසමෙන් විමසීමටයි.කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව සමගි ජන බලවේගයේ ලාංඡන පිළිබඳ නීතිමය තත්වය විමසීම සඳහා නියෝජිතයින් පිරිසක් පස්වරු 1.00ට පමණ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සිටියේය.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 19:58

    Latest News