ජාතික සමගි පෙරමුණ “හංසයා“ ලකුණින් තරග කරන්න එකඟවුණා; පා.ම. නවීන් දිසානායක (වීඩියෝ)

පෙබ 18, 2020
  • නව සන්ධානයේ ලකුණු ලෙස “හංසයා“ යොදා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමකදී අද තීරණය කළ බව, මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා.

    එම හමුව පැවැත්වුනේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා...

    “අපි ජාතික සමගි පෙරමුණ නමින් “හංසයා“ ලකුණින් තරග කරන්න අද එකඟවුණා. ඒ විධියට නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙට කෘත්‍යාධිකාරි මණ්ඩලයට දාලා සම්මුතිය ගන්න බලාපොරොත්තු වෙනවා. හංසයා ලකුණ තමයි ඉතාමත්ම උචිත. අලියා පාවිච්චි කරන්න අපිට බැහැ සන්ධානය නිසා“ යැයි නවීන් දිසානායක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:17

    Latest News