“සංහිඳ සෙවණ“ නිවාස ව්‍යාපෘතිය ලබන මස ජනතා අයිතියට (වීඩියෝ)

පෙබ 18, 2020
  • කොළොන්නාව අඩු පහසුකම් ජනාවාසවල පවුල් 240ක් වෙනුවෙන් ඉදි කෙරුණු “සංහිඳ සෙවණ“ නිවාස ව්‍යාපෘතිය ලබන මස ජනතා අයිතියට පත් කරන බව, නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

    මීතොටමුල්ල කසල කන්ද ආසන්නයේ ජීවත්වන පවුල්වලට ද මෙහි නිවාස හිමිවීම විශේෂත්වයක්. සනීපාරක්‍ෂක පහසුකම් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිනවා. වැසිකිළි පද්ධති ක්‍රමවත් නොවීම, ජල ප්‍රශ්න, නිවාස ඔප්පු නොමැතිවීම ආදී ගැටලු ඉන් ප්‍රධානයි. 2010 වසරේදී “නාගරික පුනර්ජීවණ“ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ, එම ජනතාව වෙනුවෙන්. නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයේ මෙවැනි නිවාස ව්‍යාපෘති කඩිනම් කරන ලෙසයි.

    කොළොන්නාව “සංහිඳ සෙවණ“ නිවාස ඒකකවල ජීවත් වූ පවුල්වලට මේ යටතේ, වර්ග අඩි 450ක නිවසක් හිමිවනවා. අංග සම්පූර්ණ නිවාස 240ක් ව්‍යාපෘතියට ඇතුලත්. නිවසක වටිනාකම රුපියල් හතළිස් ලක්‍ෂයක් වන අතර, නාගරික සංවර්ධන අධිකාරිය සමස්ත ව්‍යාපෘතියට රුපියල් කෝටි 96ක් වැය කර තිබෙනවා. එහෙත්, නිවසක් පිරිනැමෙන්නේ, රුපියල් ලක්‍ෂ 10ක් වැනි අඩු මුදලකටයි. මසකට රුපියල් 2,800 බැගින් වසර 30 ඇතුළත ගෙවීම් අවසන් කිරීමේ පහසුකම් සලකා තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:15

    Latest News