පැවති රජය මෙන් විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට වත්මන් රජය අපේක්‍ෂා නොකරන බව අගමැති කියයි

පෙබ 16, 2020

    පැවති රජය මෙන් විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීමට වත්මන් රජය අපේක්‍ෂා නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

    අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන්ගේ වැරදි සඳහා නීතියට අනුව කටයුතු කරන බවයි. කළුතර අළුත්ගම කන්දේ විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බවි කියා සිටියා. උත්සවය සංවිධාන කර තිබුණේ, ඓතිහාසික අළුත්ගම කන්දේ විහාරාධිපති සහ අමෙරිකාවේ ෆ්ලොරීඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් වෙත කීර්ති ශ්‍රී වාගීශ්වර විනයාචාර්ය යන ගෞරව නාමය සහිත කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිම වෙනුවෙන්.

    එහි මුලසුන හොබවනු ලැබුවේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් විසින්. විපුලසාර හිමියන් වෙත ඊට අදාළ සන්නස් පත්‍රය පිරිනැමීම මල්වතු අනුනායක හිමියන් විසින් සිදු කරනු ලැබුවා. උන්වහන්සේ වෙත විජිනිපත පිලිගැන්වූයේ අග්‍රාමාත්‍යවරයා විසින්. කෝට්ටේ ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අනුශාසනාවක් පැවැත්වූවා.

    Latest News