“රූ කිරුළ 2020“ ප්‍රථම වටයට රුවැත්තියන් 800ක්

පෙබ 16, 2020

    “රූ කිරුළ 2020“ තරගය සඳහා රූමතියන් තෝරා ගැනීමේ පළමු අදියර අද සිදු කෙරුණා.

    ඒ, රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී. ජාතික රූපවාහිනියට ලැබුණු, දහස් සංඛ්‍යාත අයදුම්පත් අතරින් තෝරාගත් රුවැත්තියන්, 800 දෙනෙකු පමණ ප්‍රථම වටය සඳහා අද රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියා. මෙවර “ රූ කිරුළ“ නම් කෙරුනේ “ලීවර් ආයුෂ්“ නමින්, මෙහිදී රුවැත්තියන් සිය දෙනෙකු තෝරා ගැනුණා. ඉන් 12 දෙනෙකු දෙවන වටයට තෝරා ගැනීමට නියමිතයි. ඔවුන්ගේ කුසලතා ඇගයීමට හා ඔප් නැංවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වැඩමුළු රැසක් සංවිධාන කර තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි රුවැත්තියන්, මෙරට ප්‍රමුඛතම රූ කිරුළ වූ “ලීවර් ආයුෂ්“ තරගයට සහභාගි වන්නේ දැඩි උනන්දුවකින්.

    Ki px 900 16 02 20

    මෙවර ද තරග විනිශ්චය සඳහා ප්‍රවීණ විනිශ්චය මඩුල්ලක් නම් කොට තිබෙනවා. එහි සාමාජිකයින් වන්නේ ප්‍රවීණ නර්තනාචාර්ය ආචාර්ය චන්න විජයවර්ධන, ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ ශිල්පී විශ්ව රූ රැජින අධ්‍යක්‍ෂ ලෝ චිං වොන්ග්, ජ්‍යෙෂ්ඨ මෝස්තර නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස්, ප්‍රවීණ රංගන ශිල්පිනී උදාරි පෙරේරා, ප්‍රවීණ කේශාලංකාර හා රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර යන මහත්ම-මහත්මීන්.

    Kirula px 900 16 02 20

    Latest News