දිවංගත විජය කුමාරතුංග 32 වැනි ගුණ සමරුව අද

පෙබ 16, 2020

    දිවංගත විජය කුමාරතුංග මහතාගේ 32 වැනි ගුණ සමරුව අදයි.

    මානව හිතවාදියෙකු ලෙස ලාංකීය දේශපාලනය ආමන්ත්‍රණය කළ සුවිශේෂී පුද්ගලයෙකු වශයෙන් විජය කුමාරතුංගයන් සැලකෙනවා. සිය වෘත්තිය වු සිනමාවට අමතරව, දේශපාලනයට පිවිසි විජය, මාවවාදී නැඹුරුවකින් යුතු ප්‍රගතිශීලි දේශපානයක නිරත වූ ආදරණීය නායකයෙක්. “හන්තාගේ කතාවෙන්“ ඇරඹි විජයගේ සිනමා දිවිය දශක දෙකක කාලයක් දක්වා දිව යනවා. 1978 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය සමඟ විවාහ වීමෙන් අනතුරුව, ඔහු සිය දේශපාලන ගමන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආරම්භ කළා. 1982 ජනාධිපතිවරණය විජයගේ දේශපාලනයේ සුවිහේෂි සන්ධිස්ථානයක් වනවා.

    පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් මැතිවරණ සටන මඟහැර යද්දී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය සඳහා ඔහු අසමසම කැපවීමක් කළා. මහර අතුරු මැතිවරණයට මුහුණ දීමෙන් අනතුරුව, නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කළ බව පවසමින්, ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව විජය කුමාරතුංග මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. 1984 වසරේ දී ඔහුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මහජන පක්‍ෂය බිහි කෙරුණා. වාර්ගික අර්බුදයට සාකච්ජාමය විසඳුමක් සෙවීමේ අරමුනින් විජය කුමාරතුංග උතුරේ නායකයන් හා ඉන්දියානු නායකයන් සමඟ ද සාකච්ජා කළා. දේශප්‍රේමීන් යැයි කියාගත් දේශද්‍රෝහීන්ගේ වෙඩි උණ්ඩයට විජය කුමාරතුංගයන් බිහි වුණා. ඝාතනය වී දශක 3ක් ඉක්ම ගිය ද ඔහු පිළිබඳ මතකය අදත් ජන හදවත් තුළ විරාජමානයි.

    Comm px 900 16 02 20

    විජය කුමාරතුංග මහතාගේ 32 වැනි ගුණානුස්මරණ උත්සවය සීදුවේ පිහිටි ඔහුගේ පිළිරුව අබියස අද (16) උදේ පැවැත්වුණා. ඊට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියා.

    Latest News