තම පක්‍ෂය මැතිවරණයේදී “හංසයා“ ලකුණෙන් ඉදිරිපත් වනවා; මුජිබර් රහුමාන්

පෙබ 16, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයේ රැඳී සිටින පුද්ගලයා, ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හෝ අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ ඉදිරිපත් නොවන්නේ නම්, ඔහු එම තනතුරෙන් ඉවත් විය යුතු බව හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි.

    මේ අතර අද සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ, තම පක්‍ෂය ඉදිරි මැතිවරණයේදී “හංසයා“ ලකුණෙන් ඉදිරිපත් වන බවයි.
    එහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා...

    “අඟහරුවාදා තමයි මට දැනගන්න ලැබිලා තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවත රැස්වෙනවා කියන එක. සාකච්ජා කරපු අය සියලු දෙනාම එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා සියලු දෙනාම එකතු වෙලා තරග කරන්න. මම හිතන්නේනැහැ ඉදිරියට බෙදීමක් වෙයි කියලා. බොහෝ දුරට හංසයා ලකුණෙන් තරග කරයි කියලා තමයි දැනට තියෙන තොරතුරු තියෙන්නේ“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    ඉමිතියාස් බාකිර් මාකර් මහතා...

    මට නම් ලකුණ නෙමෙයි ප්‍රශ්නය. ජනාධිපති ධූරයට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් පක්‍ෂයෙන් ඒ ඉදිරිපත් වන පුද්ගලයා මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දිය යුතුයි. පක්‍ෂයට නායකත්වය දිය යුතුයි. ඒවට ඉදිරිපත් වෙන්නේ නැතුව පක්ෂයේ නායකත්වය තියාගෙන ඒ අගමැතිධූර අපේක්‍ෂකයව පාලනය කරන්න අදෘශ්‍යමාන හස්තයක් විධියට කවුරුහරි වැඩ කරනවානම් ඒක විහිලුවක්. ඒක වෙන්න බැහැ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක“ යැයි ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

    Latest News