එ.ජා.ප. ඉදිරි මහ මැතිවරණයට අලියා හෝ හංසයා ලකුණින් (වීඩියෝ)

පෙබ 15, 2020
  • එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයට අලියා හෝ හංසයා ලකුණින් තරඟ කරන බව පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අලියා ලකුණ යටතේ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා එය ඊයේ නීති කමිටුව වෙත යොමු කර තිබේ. අලියා ලකුණ වෙනත් සන්ධානයකට ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවේ ඉඩක් නොමැති බව, නීති කමිටුවේ අදහස බව වාර්තාවේ. ඒ අනුව, ඉදිරි මහ මැතිවරණයේදී බොහෝ දුරට හංසයා ලකුණ යටතේ තරග වැඳීම සිදුවනු ඇත. නීති කමිටුවේ මතය ලබන සඳුදා ඡන්ද සලකුණ පිලිබඳ තීරණයක් ගැනීමට පත්කරන ලද දස පුද්ගල කමිටුව වෙත දැනුම් දීමට නියමිතයි.

    රනිල් වික්‍රමසිංහ මහතාගේ හා සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයින් පස් දෙනා බැගින් එම කමිටුව පත්කරනු ලැබ සිටී. දස පුද්ගල කමිටුවේ තීරණය බදාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිතයි. කෙසේ වුවද, හදවත ලකුණ සම්බන්ධව ඊයේ පැවති රැස්වීමේදී සාකච්ජා නොවීම විශේෂත්වයක්.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:31

    Latest News