වැලන්ටයින් සාදයකදී කොකේන් ළඟ තබාගත් අය දැලේ

පෙබ 15, 2020

    වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ දස දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, කුරුඳුවත්ත ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී. ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරයක් ලබාදෙමින් මෙම සාදය සංවිධාන කර තිබිණ. ඊට මුලිකත්වය ගත් කණ්ඩායම ඊයේ දිනට පමණක් අදාළ රාත්‍රී සමාජ ශාලාව කුලී පදනම මත ලබාගෙන තිබූ අතර, ඊට ඇතුළුවීම සඳහා එක් අයෙකුගෙන් අයකර ඇති මුදල රුපියල් 5,000ක්. වැටලීම සිදුකළ අවස්ථාවේ කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබූ දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News