කිරිඔරුව වැවේ, ජලය සැපයීමට ඇල මාර්ගයක් සාදා දෙන්නැයි ගොවීන්ගෙන් මැසිවිලි

පෙබ 15, 2020

    බිබිල, ගල්ගමුව ප්‍රදේශයේ කිරිඔරුව වැව ඉදිකර වසර 17ක් ගතවුවත්, ජලය සැපයීමට ඇල මාර්ග ඉදි නොකිරීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.

    මේ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගණනක් වගා කළ නොහැකිව අතහැර දමා ඇති බව ඔවුන් පවසයි. ඌව පළාත් වාරිමාර්ග අමාත්‍යාංශය මගින් 2003 වසරේ ගල්ගමුව වියන්හෙල හා තලවින්න කඳු හරස්කර ගල්ගමුව ඇලේ ජලයෙන් වැව ඉදි කළේය. එහෙත් අක්කර සිය ගණනක ගොවිබිම්වලට ජලය ගෙනයාමට ඇල මාර්ගයක් මෙතෙක් ඉදිකර නොමැත. පෙර තිබූ ඇල මාර්ගය ද වල්බිහිවී තිබේ. වැවේ සොරොව්ව ද මේ වනවිට ඉරිතලා ගිහින්. ඇල මාර්ග නොමැති නිසා වර්ෂා කාලයට වැව පිටාර ගැලීමෙන් ගැටලු රැසක් ඇතිවේ.

    මේ නිසා ගොවි පවුල් 200ක් පමණ වාසය කරන ප්‍රදේශයේ කුඹුරු අක්කර 500ක් පමණ වගා කළ නොහැකිව අතහැර දමා තිබේ. එම නිසා කඩිනමින් ඇල මාර්ග ඉදිකර දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News