ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහන් සියයක් දිවයින පුරා (වීඩියෝ)

පෙබ 11, 2020
  • ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහන් සියයක් දිවයින පුරා ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.

    වගා සඳහා ගොවීන්ට නිරවුල් ඉඩම් අයිතිය ලබාදීම එහි අරමුණයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු ජංගම වැඩසටහන ඊයේ පැවැත්විණ. එහිදී දිස්ත්‍රික්කයේ ඉඩම් වර්ග 4ක් හඳුනා ගැණින. ඉන් හෙක්ටයාර් 899ක භුක්තිය විධිමත් ලියවිල්ලක් මගින්, ඉදිරි මාස තුනේදී ගොවි ජනතාවට හිමිවනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ලබාදුන් උපදෙස් අනුව වැඩසටහන ක්‍රියාත්මකයි.

    ජනරාල් චන්ද්‍රා හේරත් - ඉඩම් කොමසාරිස් ජනරාල්...

    “රජය බලයට පත්වුණාට පස්සේ අපිට උපදෙස් දුන්නා රජයේ ඉඩම්වලට සම්බන්ධ වන සංරක්‍ෂණ ඉඩම්වල පදිංචි අය ඉන්නවා. වනජීවි මායිම්වල පදිංචිවෙලා ඉන්න අය ඉන්නවා. පදිංචිය හෝ වගා කරගෙන මොනව හෝ සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෝ මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්න බව හඳුනගෙන වැඩසටහනක් කරන්න කියලා එතුමා අපිට උපදෙස් ලබාදුන්නා. අපි වැඩසටහන් දෙකක් සාකච්ජා කළා. අඛණ්ඩව යන වැඩසටහනක් අද ඇවිල්ලා හෙට බලපත්‍රයක් දෙන්න බැහැ. ඉඩම් නීතිය එහෙමයි. හැබැයි අපි කඩිනමින් ලබාදිය හැකි ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට මේ අයිතිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයි චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:15

    Latest News