හාඩි තාක්‍ෂණ විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල සහ නේවාසිකාගාරය සිසු අයිතියට (වීඩියෝ)

පෙබ 11, 2020
  • අම්පාර හාඩි තාක්‍ෂණ විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල සහ නේවාසිකාගාරය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද සිසු අයිතියට පත් කරනු ලැබීය.

    ඊට වැය කළ මුදල රුපියල් මිලියන 394ක්. පරිපාලන ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 304.79ක්. පන්ති කාමර 12ක්, දේශන ශාලා 03ක්, ශ්‍රව්‍ය, දෘශ්‍ය ශ්‍රවණාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක්, පරිගණක කාමර 02ක්, ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. නේවාසිකාගාරය ඉදි කෙරුණේ, රුපියල් මිලියන 89.1ක වියදමින්. කාමර 49කින් සහ භෝජනාගාරයකින් නේවාසිකාගාරය සමන්විතයි. පරිගණක පාඨමාලා හදාරන සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

    මේ අතර සමන්තුරේ ප්‍රදේශයේ ඉදි කෙරුණු ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානය ද අද විවෘත කෙරිණ. ඒ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්. මෙහි පළමු අදියරේ දී සිසුන් 250කට ජපන් භාෂා පුහුණුව ලබාදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:18

    Latest News