නව සන්ධානයේ, ලකුණ පිළිබඳව අර්බුදයක්

පෙබ 10, 2020

    සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරමින් පිහිටුවන නව සන්ධානයේ, ලකුණ පිළිබඳව අර්බුදයක් හටගෙන තිබේ.

    අද පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමා වුණේ, සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවයකින් තොරවයි. පස්වරු 4.00ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී. සන්ධානයේ ලේකම් ධූරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා විරෝධතා ඉදිරිපත් නොවූ හෙයින්, මද්දුම බණ්ඩාර මහතාගේ නම අනුමත විය. සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් බහුතරයකගේ මතය වූයේ, “අලියා“ ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළ යුතු බවයි. නායකත්වය ඇතුළු බලතල, සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී වෙනස් ආකාරයකින් ඔහුව පාලනය කිරීමට උත්සාහ නොගන්නා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

    Latest News