තවත් පොලිස් නිළධාරින් 27දෙනෙකුට ස්ථාන මාරු

පෙබ 08, 2020

    වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

    ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථානමාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

    ස්ථාන මාරුවිම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් දෙදෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 06 දෙනෙකු වන බව සදහන්.

    ඊට අමතරව පොලිස් පරික්ෂකවරුන් 12 දෙනෙකු ද අදාළ ස්ථාන මාරුවිම් ලැබූවන් අතර වන බව පොලිසිය සදහන් කළේය.

    Latest News