අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකර, වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවනවා; ජනාධිපති

පෙබ 06, 2020

    අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකර, වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    තමා රට ගොඩනැගීමේ අභියෝගය බාරගත්තේ, ආර්ථිකයේ කඩා වැටීම පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව බව ජනාධිපතිතුමා කියා සිටී. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් අමතමින්. හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (06) පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා...

    “ඉක්මණින්ම මේ තියෙන ආර්ථිකයේ ඇති කරන, රැකියාවල්වලට පුහුණුවක් තියෙන අය හැදීම ඉතාම වැදගත් වෙනවා. එහෙම වුණොත් රාජ්‍ය සේවයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ නැතුව මේවා ඉදිරියට ගෙනියන්න පුලුවන්. උසස් පෙළ සමත්වන විශ්වවිද්‍යාල ද්විතීය අධ්‍යාපනයක් ලබා ඇති, මම හිතන්නේ හැබැයි අපට අවශ්‍ය වන්නේ නැහැ මේ තියෙන විධියටම මේ විෂයයන්ම හදාරලා උපාධියක් ගන්න. අනිවාර්යයෙන්ම මේ අය කලා අංශයෙන් ඉගෙන ගන්න ළමයින් පවා පහසුවෙන්ම භාෂාවක් උගන්වන්න පුලුවන්නේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න පුලුවන්. ඉංග්‍රීසි භාෂාව අවුරුදු තුනක් ඉගැන්වුවොත් විශ්වවිද්‍යාලවල ලෙහෙසියෙන්ම හොඳ රැකියාවකට යන්න පුලුවන් ඵලදායි. කොම්පියුටර්, ආට්ස්වලින් උපාධියක් කලාම කියලා කොම්පියුටර් ඉගෙන ගන්න හරිම ලෙහෙසියි. කිසිම ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන්ම අද තියෙන හොඳ රස්සාවල් ඉගෙන ගන්න පුලුවන්. නමුත් අපි ඒගොල්ලන්ව ඉගෙන ගන්න යන්නේ නැහැ, අර උසස් පෙළ දක්වාම ආපු ඒ විෂයන්ම ඉදිරියටත් උගන්වලා ඒගොල්ලන්ව අතරමං වෙනවා. මේ විධිය දැන්මම ඉඳලා, එතකොට තව අවුරුදු හතරකින් හෝ තුනකින් විශ්ව විද්‍යාලයෙන් පිටවෙන අය වඩාත් ප්‍රයෝජනවත් අය බවට පත්වෙයි. ඒක තමයි අපේ මුලිකම අභියෝගය තියෙන්නේ. ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ආසියාවට එමින් පවතිනවා. මේ ආසියාවේ තියෙන රටවල් විශාල සංඛ්‍යාවත් දියුනුවට පත්වෙලා තියෙනවා. මේ අවස්ථාව අපි හොඳින් පාවිච්චි කරන්න ඕනේ. මේ වෙනස්කම ඇති කරලා නැවතත්, රට ඉදිරියට ගෙනියන එක අමාරු කාර්යයක් නෙමෙයි. ඒක අභියෝගයක් වුණාට ඒක කරන්න පුලුවන්. ඒක කරන්න තමයි අපි මුල ඉඳලා වෘත්තිකයන් අපේ රටේ රාජ්‍ය පාලනයට පුලුවන් තරම් ඇතුලත් කරගන්න මම උත්සාහ කරන්නේ. මෙන්න මේ තැනට අපි ඉදිරියට යන්න. ඉතින් මේක තමුන්නාන්සේලා ඒ අභියෝගය බාරගෙන සාර්ථකව ඉටුකරයි කියලා බලාපොරොත්තු වෙනවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    CCC px 900 06 02 20

    ආර්ථිකය ගොඩනැගීම අරබයා අදහස් හුවමාරු කරගැනීම ද අද හමුවේදී සිදුවිය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News