හමුදා සාමාජිකයින් 9කට එරෙහි එක්නැලිගොඩ නඩුව 13 යළි විභාගයට

පෙබ 06, 2020

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහි නඩුව ලබන 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහා අධිකරණය අද නියෝග කළේය. 

    නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ. දෙපාර්ශවයේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන දුරකතන ඇමතුම්වලට අදාළ පරිගණය පද්ධති පරීක්ෂා කිරීම සඳහා ලබන 11 වැනිදා විත්තියේ නීතීඥවරුන්ට අවස්ථාව සලසා කෙන ලෙසට පැමිණිල්ලට නියම කළේය.  

    2010 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවල දී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ගොනු කර තිබේ.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 12:42

    Latest News