ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

පෙබ 03, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

    ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. ශ්‍රී ලංකා ගුවන් සමාගමට යානා මිලදී ගැනීමක දී “එයාර් බස් ඉන්ඩස්ට්‍රීස්“ සමාගම සමඟ කළ ගනුදෙනුවේදී මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල විය. මෙම මූල්‍ය අක්‍රමිකතාව ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බලධාරීන්ට ඊයේ නියෝග කළේය.

    ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරු සලකා බැලූ නීතිපති, දප්පුල ද ලිවේරා මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනිමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසයි. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ ඒ අනුවයි.

    Latest News