දඹුල්ලේ ලොකු ලූණු ජාවාරම

පෙබ 01, 2020

    පැලවුණු ලොකු ලූණු තොගයක් ගොබ කඩා ඉවත් කොට හොඳ ලූණුවලට කවලම් කොට වෙළෙඳ පොලට යැවීමේ ජාවාරමක් ඊයේ අනාවරණය විය.

    ඒ පොලිසිය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී. ආනයනික මෙම ලූණු තොගය, කම්කරුවන් යොදා ඒවා ශුද්ධ කර අඩු මුදලට අලෙවි කර තිබේ. කෙටි ආහාර වර්ග සෑදීම සඳහා ඒවා යොදා ගන්නා බව අනාවරණය වී ඇත. පොලිස් බාරයට ගැනුණු ප්‍රමාණය කිලෝ පන් දහසක්. ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි “නාඩි“ නමැති වෙළඳ කණ්ඩායම නිසා පාරිභෝගිකයන්ට හා වෙළෙඳුන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන බවට ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබිණ. ඒ අනුවයි, සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ.

    Latest News