කොරියාවේ නීති විරෝධිව රැඳී සිටින්නන් සඳහා පොදුසමා කාලයක්

ජන 29, 2020

    කොරියාවේ නීති විරෝධිව රැඳී සිටින්නන් සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහායි.
    පොදුසමා කාලය 2019 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරිණ. එය 2020 ජූනි 30 දින දක්වා මාස 6ක කාලයක් ක්‍රියාත්මක වේ.වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව නීතිවිරෝධිව කොරියාවේ රැඳී සිටින්නන්ට මෙම කාලය තුළ ගමන් බලපත්‍රය, ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප්‍රකාශය හා බෝඩින් පාස් එක කොරියාවේ රැදී සිටින ප්‍රදේශයේ ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කිසිඳු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙයි. එසේම එම ප්‍රද්ගලයින් අසාදු ලේඛනයට ඇතුළත් නොකරන අතර, අවශ්‍ය නම් පසුව E-9, D-2, D-4, D-8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවද ලැබේ.කොරියාවේ නීතිවිරෝධිව රැදී සිටිමින් සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම පොදුසමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනපැමිණිම සඳහා තම ඥාතින් දැනුවත් කරන මෙන් කාර්යාංශය ඉල්ලා සිටී. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1345 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීම මගින් ලබා ගත හැකියි

     

    Latest News