“කොරෝනා“ මියගිය සංඛ්‍යාව සියය ඉක්මවයි; වූහාන්, චීන අගමැතිගේ නිරීක්‍ෂණයට

ජන 28, 2020

    නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා තිබේ.

    5000කට ආසන්න පිරිසකට රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. නව කොරෝනා වෛරසයෙන් පීඩා විඳින චීනය ඇතුළු රටවලට සහය ලබාදීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. නව කොරෝනා වෛරසය සොයා ගැනුණු වූහාන් නගරට ආශ්‍රිතව තවදුරටත් දැඩි ආරක්‍ෂක ක්‍රියාමාර්ග යෙදීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

    චීන අග්‍රාමාත්‍ය ලී කචෑන්ග් ඊයේ වෛරසයෙන් වඩාත් විපතට පත් වූහාන් ප්‍රදේශය නිරීක්‍ෂණයට එක්විය. එහිදී ඔහු උපදෙස් ලබා දී ඇත්තේ, වෛරසය පාලනය හා මර්දනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ශීඝ්‍රයෙන් ඉහළ යන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ සෙසු කටයුතුවලට දහස් සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයන් පිරිසක් යොදවා තිබේ. අඛණ්ඩව පැය 36ක කාලයක් සේවයේ යෙදුණු වෛද්‍යවරයෙකු අධික වෙහෙසට පත්ව බිම ඇද වැටෙන ආකාරය මෙලෙස දක්නට ලැබිණ. නව කොරෝනා වෛරසයෙන් බීජිං අගනුවර දී මියගිය පළමු රෝගියා ඊයේ වාර්තා විය. වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පෙළෙඳ පොළ හා ආපන ශාලා තුල වන සත්ව අලෙවිය මුළුමනින්ම තහනම් කිරීමට චීන බලධාරීන් ක්‍රියා කර තිබේ.

    ශීඝ්‍රයෙන් ඉහළ යන රෝගීන් ප්‍රතිකාර කිරීමට වූහාන් ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයක් ද ඉදි කෙරිණ. චීන ජනාධිපති ෂී-ජින්-පින් ද අවධාරණය කරන්නේ, නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව තමන් පිළිබඳ විශ්වාසය තැබි යුතු බවයි. වෛරසය පාලනය කිරීම සඳහා චීනය ඇතුළු සෙසු රටවල් සමඟ සමීපව ක්‍රියා කරන බව ලෝක වෛද්‍ය සංවිධානය පවසයි. එය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි කැපවීම අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් වහන්සේගේ ද පැසසුමට ලක්විය.

    Latest News