රුද්‍රා මාවතේ දෙමහල් නිවසක ගින්නෙන් අයෙක් මරුට

ජන 25, 2020

    වැල්ලවත්ත රුද්‍රා මාවතේ දෙමහල් නිවසක් තුල ඇති වූ හදිසි ගින්නකින් අයෙක් මියයයි.

    මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 79ක පිරිමි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News