ප්‍රථම ජාතික ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

ජන 25, 2020

    ආබාධ සහිත දරුවන් සඳහා වූ මෙරට ප්‍රථම ජාතික ළමා සුරැකුම් මධ්‍යස්ථානය රාගම දී අද (25) විවෘත කෙරිණ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. “ආයති“ ජාතික මධ්‍යස්ථානය ලෙස මෙය නම් කර තිබේ. ඊට වෛද්‍ය සේවා සපයන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයයි. වැය කෙරුණු මුදල රුපියල් කෝටි 55ක්. හේමාල් හෝල්ඩින්ස් සහ මාස් හෝල්ඩින්ස් යන සමාගම් අරමුදල් සපයා තිබේ. ශ්‍රවණ උපකරණ පරිත්‍යාග කරනු ලැබුවේ රොටරි සමාජයයි. රොෂාන් විජයරාම පවුල් පදනම ද අරමුදල් සැපයීමට දායක වී තිබේ.

    Centre px 900 25 01 20

    ඉදිකිරීම් සිදු කළේ, ශ්‍රී ලංකා යුද හමුදාවයි. නොමිලේ සායන පැවැත්වෙන අතර වෛද්‍ය විශේෂඥයින්ගේ සේවාද සැපයේ. කායික හා මානසික ආබාධ සඳහා මූලික පරීක්‍ෂා සිදු කිරීම, කථන, භාෂා, භෞත චිකිත්සා, ශ්‍රවණ ප්‍රතිකාර ඇතුළු සේවා රැසක් ලබාදීමට නියමිතයි. මෙරට ස්ථාපිත ප්‍රථම සංවේදක කාමරය “ආයති“ මධ්‍යස්ථානය සතුවේ. නවීන ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයක් හා පුහුණු මධ්‍යස්ථානයකින් ද එය සමන්විතයි. ජනාධිපතිතුමා මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව උත්සව සභාවට ද එක්විය.

    Latest News