ශ්‍රී ලංකා යුද හමුදාව 2019 දක්‍ෂතම බොක්සිං කණ්ඩායම ලෙස සම්මාන දිනාගනී

ජන 25, 2020

    2019 වසරේ දක්‍ෂතම බොක්සිං කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සම්මාන දිනාගනී.

    ඒ, ඊයේ අවසන් වූ ජාතික බොක්සිං ශුරතාවලියේදී. 94 වැනි වරට පැවති ජාතික බොක්සිං ශුරතාවලිය ඊයේ අවසන් වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං වලල්ලේදී. බර පන්ති 10ක් යටතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 145 දෙනෙක් එක්ව සිටියහ. ජාතික බොක්සිං තරගාවලියේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව රත්න ක්‍රීඩා සමාජයේ ඒ.කේ.ඒ. රණසිංහ. දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස විද්‍යාරතන ක්‍රීඩා සමාජියේ ආර්.ඒ. පුෂ්පකුමාරි සම්මාන දිනාගත්තාය. තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ගුවන් හමුදාවේ පී.ජී.මදුෂාන්. දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න සම්මාන දිනා ගැනිමට සමත්විය.

    2019 ජාතික බොක්සිං තරගාවලියේ කාන්තා ශූරතාව යුනිවෙලා ක්‍රීඩා සමාජය දිනාගත් අතර, පිරිමි ශූරතාව දිනාගත්තේ යුද හමුදා කණ්ඩායමයි. 2019 වසරේ පැවති ලේටින් කුසලාන ක්ලිෆර්ඩ් කුසලාන සහ ජාතික ශූරතාවලියේ දී දැක්වූ දක්‍ෂතා අනුව ශ්‍රී ලංකා යුද හමුදාව වසරේ බොක්සිං කණ්ඩායම ලෙස සම්මාන දිනා ගත්තේය.

    Latest News