හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ජන 25, 2020

    නවගමුව, රණාල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන තිබේ.

    ඊයේ රාත්‍රී කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 304යි, මි.ග්‍රෑ.56ක් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නවගමුව පොලිසිය පවසයි. සැකකරු වයස අවුරුදු 23ක් වන කහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on සෙනසුරාදා, 25 ජනවාරි 2020 10:20

    Latest News