බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා පොහොට්ටුව ලාංඡනය; ශාන්ත බණ්ඩාර

ජන 24, 2020

    ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු දෙකකදී අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණ සභාපති ශාන්ත බණ්ඩාර මහතා...

    “මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා පොහොට්ටුව ලාංඡනය. මොකද ජනප්‍රිය වෙලා තියෙන්නේ දැනට ඒ නිසා පොහොට්ටුව ලාංඡනයෙන් යන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒකට කොයිවෙලාවෙවත් විරෝධතාවක් ප්‍රකාශ කරලා නැහැ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විතරක් තනියම කරන්න බැහැ ලකුණ තීන්දු කරගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් පාර්ශ්වකරුවෙක් විතරයි. පක්‍ෂ 17ක් ඉන්නවා. මේ පක්‍ෂ නායකයෝ සියලු දෙනාම එකට වාඩිවෙලා පොදු සන්ධානය වගේම ලකුණ තීන්දු කරයි. අපි දේශපාලනය කරන්නේ රට වෙනුවෙන් නම් ලකුණ අපිට ප්‍රධාන ප්‍රශ්නයක් නෙවෙයි“. යැයි ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල....

    “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, පොදුජන පෙරමුණයි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමත් එක්ක ගිවිසුමක් අත්සන් කළා. ඒ වගේම සහෝදර පක්‍ෂ 17ක් සමඟ ගිවිසුමක් අත්සන් කළා. අපි ඒ ගිවිසුම් තුන ප්‍රකාරව මැතිවරණයට ඉදිරිපත් වෙනවා. 1994 අපි පුටුව ළකුණින් පොදු පෙරමුණ හැදුවා. 2005 මහින්ද මහත්මයට උදව් කරන්නේ බුලත් කොලෙන්. අපි මේ පාරත් සන්ධානය හදනවා. සන්ධානයට වැඩිම ශක්තිය එන්න පුලුවන්“ යැයි තිලංග සුමතිපාල මහතා පැවසීය.

     

    Latest News