දෙමෝදර, ආරුක්කු නවය පාලම අවදානමක

ජන 23, 2020

    දෙමෝදර, ආරුක්කු නවය පාලමේ පාදම ආශ්‍රිත සිමෙන්ති බදාම ගැලවීයාමේ අවදානමක් මතුව තිබේ.

    එහි තවත් ස්ථාන රැසක සිමෙන්ති සහිත පාෂාණ කොටස් ගැලවී ගිහින්. මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ගොටුවල ගම්මානයේ ඉදිකර ඇති දෙමෝදර ආරුක්කු නවයේ පාලම පිහිටා ඇත්තේ, ඇල්ල-දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර. අඩි 300ක් පමණ දිග පාලමෙහි පළල අඩි 25ක්. මේ ස්ථානය, දෙස්-විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ශනයකට ලක්ව ඇත්තේ, දීර්ඝ කාලයක සිට. උඩරට දුම්රිය මාර්ගයද මේ පාලම මතින් වැටී තිබීමෙනි. ආරුක්කු නවයේ පාලමේ විශේෂත්වය වන්නේ, එහි ඉදිකිරීම් සඳහා භාවිත කර ඇත්තේ, පාෂාණ, ගඩොල් සහ සිමෙන්ති පමණක් යොගෙන තිබීමයි. එහෙත් මේ වනවිට පාදමේ සිට අඩි 50ක් පමණ ඉහළට පිහිටි සිමෙන්ති මිශ්‍ර පාෂාණ කුට්ටිවල බාහිර බදාම ස්ථර බොහොමයක් ගැලවී ගිහින්. තවත් ස්ථාන රැසක පාෂාණ කොටස් ගැලවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ඉහළ සිට වැටෙන වැසි දිය ධාරා හේතුවෙන්, බදාම ස්ථාරය ගැලවී පසුව, අභ්‍යන්තරය දක්වා ජලය කාන්දුවීම මීට එක් හේතුවක් වන්නට ඇතැයි, විශ්වාස කෙරේ.

    මේ ස්ථානය නිරීක්‍ෂණය කරන ඕනෑම අයෙකුට පාලමේ ආරුක්කුවල ඉහළ කොන්ක්‍රීට් සභිත කොටස්වල අධික ලෙස ජල ස්ථර රැඳී පහළට වැටෙන අයුරු දැකගත හැකියි. පාලමේ ඉහළ සිට නරඹන කෙනෙකුට එම තත්වය නොපෙනීම, සිදුවෙමින් පවතින හානිය මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවීමට හේතු වන්නට ඇතැයි අප වාර්තාකරු පවසයි.

    Latest News