ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන් කරවා ගැනිම online ක්‍රමයට (වීඩියෝ)

ජන 22, 2020
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සහතික ලබා ගැනීමේදි ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට online ක්‍රමයට පහසුකම් සපයන නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු යොදා තිබේ.

    මෙය හඳුන්වාදීම ඊයේ (21) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දි සිදු කෙරිණ.

    මෙම නවතම යෙදවුම මෙම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම භාවිතා කළ හැකිය.

    මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වෛද්‍ය සහතික පත් ලබා ගැනීමට දින වෙන් කරවා ගැනීම online ක්‍රමයට මේ අනුව සිදු කර ගත  හැකි වේ.

    මින් පෙර දුර බැහැර සිට එන මහජනතාව දින වෙන් කරවා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණීමට සිදු වි තිබිණ.

    නමුත් මෙම ක්‍රමවේදය මගින් අන්තර් ජාලය හරයා දින වෙන්කරවා ගැනීමේ පහසුකම් සලසා දි තිබේ. ඒ අනුව www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට ලියාපදිංචි විය හැකිය. නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) ලෙස මෙය එළි දැක්වීමට ද නියමිත බව වාර්තාවේ.

     

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 19:57

    Latest News