හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට

ජන 20, 2020

    හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය අද කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියාය.

    ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා. රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාදුන්නා. විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ද අපරාධ කොට්ඨාසය ඊයේ පැය 5ක කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. එමෙන්ම දැනට වැඩ තහනම්ව සිටින විනිසුරු ධම්මික හේමපාල මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි. දුරකතන හඬපට සම්බන්ධයෙන් මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය 16 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝගයක් නිකුත් කළේය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 13:40

    Latest News