හුංගම සිද්ධියට වැඩබලන පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවයි

ජන 20, 2020

    හුංගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.

    හුංගම, හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අණනොතකා ගමන් කරමින් සිටි යතුරුපැදියක් ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව තිබිණ.

    එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඒ අසල ගමන්කරමින් තිබු වෑන් රථයක් තුළ සිටි හිමිනමක වෙඩි වැදීමකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු අපවත් විය.

    Latest News