එ.ජා.ප. නායකත්වය වෙනස් විය යුත්තේ සම්ප්‍රදායට අනුකූලවයි

ජන 19, 2020

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් විය යුත්තේ සම්ප්‍රදායට අනුකූලව බව පක්‍ෂයේ හිටපු පළාත් සභා නියෝජතයින් පවසයි.

    කොටසකගේ උවමනාව පරිදි නායකත්වය වෙනස් කිරීමේ සම්ප්‍රදායක් පක්‍ෂයේ නොමැති බැවින්, ඒකමතිකව නිසි කලට නායකත්වය වෙනස් විය යුතු බව, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ අශෝක ධනවංශ මහතා - එ.ජා.ප. හිටපු දකුළු පළාත් සභා මන්ත්‍රී...

    “ඩී.එස්.සේනානායක මහත්තයගේ ඉඳලා මේ දක්වා හිටපු සියලුම නායකයින්ට පක්‍ෂ අභ්‍යන්තර අර්බුද ඇතිවෙලා තියෙනවා. වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ අභියෝගයක්ම තියෙනවා. හැබැයි ඒ නායකත්වයන් මේ පක්‍ෂය පත්කරපු ක්‍රමයක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. මේ සම්ප්‍රදාය ඉදිරියටත් ආරක්‍ෂා වෙන්න ඕනේ. හෙට කවුරු හරි නායකයෙක් පත්වුණා කියලා, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියලා, එයා නෙමෙයි නායකයා දැන් අපට වෙන කෙනෙක් ඕනේ කිව්වොතින් නායකයෙක් ඉන්න එපායැ“ යැයි අශෝක ධනවංශ මහතා පැවසීය.

    ගයාන් සංජීව මහතා - එ.ජා.ප. හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී...

    “එක්සත් ජාතික පක්‍ෂය කඩාගෙන වෙන පක්‍ෂයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා කියලා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහන් කරනවා. එක්සත් ජාතික පක්‍ෂයට ආදරයක් නැති, තමන්ගේ ආසනයට ගිහිල්ලා ඉදිරියේදී ජනතාව අතරට යන්න බැරි, සමහර මන්ත්‍රීවරු එක්කෙනෙක්, දෙන්නෙක් තමයි මේ ගැන වැඩියෙන්ම උනන්දු වෙන්නේ කියන එක සඳහන් කරන්න ඕනේ. ජනප්‍රිය මාතෘකාවක් අරගෙන ඒ හරහා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය රැකගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වන්නේ“ යැයි ගයාන් සංජීව මහතා පැවසීය.

    Latest News