මේ වසරේදී සිසුන් දහසකට පරිගණක ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව;අමාත්‍ය බන්දුල

ජන 19, 2020

    මේ වසරේදී සිසුන් දහසකට පරිගණක ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා හැදෑරීමේ අවස්ථාව ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    සති අන්තයේ දී එම පාඨමාලා හැදෑරිය හැකිය. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ තාක්‍ෂණික ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වෙමින්. මෙම ආයතනය විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, ශ්‍රවණාගාර මෙන්ම නවීන පහසුකම්වලින් සමන්විතයි. සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ද පවතී.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ රටේ උසස් පෙළ සමත් සියළුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල උපාධි අධ්‍යාපනය ලබාදීම සඳහා පියවරක් ගන්න ඕනේ කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අනාගත කාලපරිච්ජේදය තුළදී ජාත්‍යන්තරව මේ තාක්‍ෂණික අංශවල උපාධි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව උසස් තත්වයට පත්කරලා, ඒ සඳහා අවශ්‍ය ආචාර්ය, මහාචාර්යවරු ලබලා දීලා, තවදුරටත් මීට වඩා වැඩි සංඛ්‍යාවකට මෙම විෂය ධාරා පුළුල් කරන්නත්, ඊට අතිරේකව මම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා සති අන්තයේ දී මේ වර්ෂය තුළ දහසකට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබාදීම සඳහා පරිගණක අංශයේ“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 19:06

    Latest News