2020 දී මාර්ග අනතුරු වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක්

ජන 18, 2020

    2020 දී මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අභියෝග මැයෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ.

    රථවාහන ක්‍ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් මීට එක්වූහ. මෙය පැවැත්වුණේ, වසර 2020 දී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වළක්වා, මාර්ග ආරක්‍ෂාව සහතික කර, ඉලක්ක ජය ගැනීමේ නව වැඩපිළිවෙළ යටතේ. 2009 සිට 2019 දක්වා වසර 10ක් තුළ රිය අනතුරු නිසා මියගිය පිරිස 35,000ක්. තුවාල ලැබූ සංඛ්‍යාව 20,000කට අධිකයි. එහෙත්, වාර්තා නොවූ රිය අනතුරු සංඛ්‍යාව මීට වඩා 20 ගුණයකින් පමණ වැඩි බව පැවසේ. රක්‍ෂණ සමාගම්වලට අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ලක්‍ෂ 5ක්. එය අවම කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීමෙන් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

    Latest News