රන්ජන්ගේ හඬපටවල කරුණු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ජන 18, 2020

    රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල ඇති කරුණු මත විශ්‍රාමික විනිසුරු පද්මිණි එන් රණවක හා අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිංහලේ සංවිධානය පවසයි.

    සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින්, විශ්‍රාමික විනිසුරු පද්මිනී එන්. රණවක මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පියවර ගත යුතු බව ප්‍රකාශ කළේය.

    ප්‍රදීප් සංජීව මහතා මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තවත් හඬ පටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කළේය. සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් මහත්මියට ද නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.

    Latest News