නිවාස 14,022ක් ඉදි කිරීමට රු.මිලියන 8,420ක ප්‍රතිපාදන

ජන 17, 2020

    මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

    හෙතෙම සඳහන් කර සිටියේ මෙම මස අවසන් වීමට ප්‍රථම ඒවායෙහි මුල්ගල් තැබීම් සිදු කිරීමනියමිත බවයි.

    එහිදී රට පුරා සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පොල්අතු, ටකරන්, ඉලුක් ආදිය සෙවිලි කර ඇති දිළිඳු නිවාස, මන්ද මානසික හෝ නිදන්ගත රෝගීන් සිටින පවුල්, විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබ එහෙත් දිළිඳුකම හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබා රැකියාවල නිරත වන තරුණ තරුණියන් සිටින පවුල් මෙන්ම වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පවුල් සඳහා විශේෂ අවධානයක් යොමු කොට මෙම නිවාස ව්‍යාපෘතිය සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, "පසුගිය රජය සමයේ ඉදිකර තිබෙන්නේ නිවාස 7000ටත් අඩු ප්‍රමාණයක්.

    ඉන් ජනතාව පදිංචි වී සිටින්නේ නිවාස 5000කටත් අඩු සංඛ්‍යාවකයි.

    අනිත් නිවාසවල පදිංචි වීමට තරම් පහසුකම් නෑ.

    කොහොම වුණත් අපි අපේ ව්‍යාපෘතිය යටතේ පරිසර සංවේදී, වනාන්තර ආශ්‍රිත කිසිදු කලාපයක නිවාස ඉදි කරන්නේ නෑ" යැයිද කීය.

    Latest News