රනිල් 13 යි - සජිත්ට 52: සජිත් පිල නව සන්ධානයකට යයි

ජන 17, 2020

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතාම උණුසුම් තත්වයකින් අවසන් වුයේ කිසිදු එකඟතාවකින් තොරවයි.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවට මන්ත්‍රීවරුන් 65 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පස්වරු 05.15 ආරම්භ වු අතර පැය තුනක පමණ කාලයක් දැඩි වාද විවාද සමඟ ඉතාම උණුසුම් මට්ටමෙන් පැවති බව වාර්තාවේ.

    සාකච්ඡා වලින් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 13 දෙනෙකු එම ස්තානයෙන් පිටව ගිය බවත් වාර්තාවේ. ඉන් පසු ඉතිරි වූ 52 දෙනා නිල නොවන ඡන්ද විමසීමක් පවත්වා සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

    පාර්ලිමේන්තු කණ්ඩායම් හමුව අවසානයේ දි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය, පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා දිනයේදී ගැනෙනු ඇති බව මාධ්‍ය වෙත ප්‍රකාශ කලේය. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය වෙනුවෙන් පෙනි සිටින පිල පැවසුවේ බහුතරය තමන් සමඟ සිටින බැවින් නව සන්ධානයක් පිහිටුවීමට ක්‍රියා කරන බවයි.

     

     

     

     

    Latest News