රාජිත සේනාරත්න අධිකරණය හමුවට

ජන 17, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ මේ වනවිට පැමිණ සිටී.

    ඔහුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත අද සළකා බැලීමට නියමිතයි.

    ඒ අනුවයි, ඔහු අද අධිකරණයට කැඳවා ඇත්තේ.

    රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් මස 27 වැනි දින නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළවයි.

    පසුගිය 30 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඔහුට ඇප නියම කරනු ලැබීය.

    පසුව රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ද ලබා දී තිබිණ.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 11:31

    Latest News