සවස 2න් පසු තැන් කීපයකට වැසි

ජන 17, 2020

    සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් අද (17) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අතර නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකියි.

    උතුරු සහ උතුරුමැද පළාත්වල සිහින් වැසි ඇති විය හැකියි.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් ද ඇති විය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං පවතී.

    Latest News