වෛද්‍ය සාෆි රාජකාරී කළ රෝහල් කිහිපයක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ

ජන 16, 2020

    වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සම්බන්ධ නඩුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ අද යළි විභාගයට ගැණින.

    අද දිනයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුව මාර්තු මස 17 දක්වා කල් තබා තිබේ. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවයේ යෙදී සිටියදී රෝහල තුළදී මව්වරුන් වදභාවයට පත් කිරීම හා අයථා ලෙස මුදල් ඉපැයීම සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා චෝදනා ලැබ සිටී. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා අධිකරණය හමුවේ අද කරුණු දක්වමින් කියා සිටියේ, කුරුණෑගල හික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ලබාගන්නා නව සාක්‍ෂි සටහන්වලට අමතරව මෙම සැකකාර වෛද්‍යවරයා පෙර සේවය කළ ගලේවෙල සහ දඹුල්ල යන රෝහල්වලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් මව්වරුන්ට යම් අකටයුත්තක් සිදුවී ඇද්දැයි සොයා බැලීමේ විමර්ශන සිදු කරන බවයි. මීට අමතරව වෛද්‍ය සාෆි සහබ්දීන් කුරුණෑගල රෝහලේදී ඇඳ ඉහපත් වෙනස් කොට අලුත උපන් බිළිදෙකු වෙනත් අයෙකුට පැවරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර ඇති බව ප්‍රකාශ කෙරිණ.

    Latest News