විශ්වවිද්‍යාල සිසුන්ගේ හිඟ මහපොළ දීමනාවට භාණ්ඩාගාරයෙන් මුදල්; අමාත්‍ය බන්දුල

ජන 15, 2020

    පසුගිය කාලසීමාවේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දේශපාලන පලිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් සඳහා සහන සැලසීමට හැකිවන පරිද්දෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්න. අල්ලස් හා දූෂණ කොමිසන් සභාව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යනාදිය පසුගිය කාලපරිච්චේදය තුළදී කටයුතු කිරීමේදී මේ සඳහා ඇතිවෙච්ච විවිධ බලපෑම් නිසා අගතියට පත්වෙච්ච, අසාධාරණයට පත්වෙච්ච, වින්දිතයන් බවට පත්වෙච්ච පුද්ගලයන්ට සහන සැලසීම අරමුණු කරගෙන මේ සිදුවූ වංචා, දූෂණ, අක්‍රමිකතා සියල්ල සොයා බලා, ඒ නිර්දේශ ඉදිරිපත් කිරීමට පූර්ණ බලැති කොමිසන් සභාවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූණා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරයේ හිඟ මුදල් පිරිනැමීම සඳහා මහා භාණ්ඩාගාරය ඊයේ දිනයේ මුදල් නිකුත් කර තිබේ.

    “මහපොළ දරුවන්ට හිඟ මුදල් සියල්ල ඊයේ වනවිට ගෙවීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අග්‍රාමාත්‍යතුමා විසින් ලබාදුන් බව, කෘතඥ පූර්වකව සඳහන් කරන්න ඕනේ. දැන් කිසි හිඟයක් අපේ පැත්තෙන් නැහැ. සෑම මසකම 15 වැනි දිනට මහපොළ ලබාදෙන්න කටයුතු කරනවා“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Latest News