මහ මැතිවරණයේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීම අවශ්‍යයි; හිටපු ජනපති

ජන 15, 2020

    ඉදිරි මහ මැතිවරණයේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ අවශ්‍යතාව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    පොලොන්නරුවේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

    “ජනාධිපතිවරයෙකුට කොතරම් බලතල තිබුණත්, පාර්ලිමේන්තුවේ බලය නැත්නම් ඒ ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. අද පවතින පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්‍ෂයටයි තියෙන්නේ. අප්‍රේල් මාසයේ අන්තිමට බොහෝ විට මහමැතිවරණය පවත්වනවා. හෙට දවසේ තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න, අලුත් ආණ්ඩුවක් හැටියට අපි එකතුවෙලා කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අලුත් ජනාධිපතිතුමා සමඟ අලුත් ආණ්ඩුවක් හදන්න ඕනේ. අද දවසේ රටේ තියෙන ප්‍රශ්න හෙට දවසේ විසඳීම සඳහා අලුත් ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න. ඊළඟ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්න. ඒ තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගන්න අපි හැමෝම එකට එකතුවෙලා කටයුතු කිරීම අවශ්‍යයි“ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 18:27

    Latest News