අගතියට පත් මව්වරුන්ට සාධාරණයක් ඉටුවේවි; වෛද්‍ය සරත් වීරබණ්ඩාර (වීඩියෝ)

ජන 13, 2020
  • වෛද්‍ය සාෆි ශාබ්දීන් සම්බන්ධව මේ වනවිට සිදු කෙරෙන පරීක්‍ෂණවලින් අගතියට පත් මව්වරුන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි, තමා බලාපොරොත්තු වන බව, කුරුණෑගල ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

    වෛද්‍ය සාෆිට එරෙහි නඩුව, යළිත් ලබන 16 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

    වෛද්‍ය සරත් වීර බණ්ඩාර...

    “ අපි දන්නා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය සේවා කොමිසන් සභාව වෛද්‍යවරයාගේ නැවත පත්වීමක් ලබාදීමක් සිදුකර නැහැ. ඉදිරියේදී මෙම වෛද්‍යවරයාට විරුද්ධව නඩුව මෙම මස 16 වැනිදා පැවැත්වෙනවා. මීට පෙර පැවති නඩු වාරයේදී ගරු අධිකරණයම පෙන්නුවා කලින් පූර්වගාමී කණ්ඩායම අගතිගාමීව තමයි මෙම පරීක්‍ෂණය පවත්වලා තියෙන්නේ. ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන කණ්ඩායම තමයි පරික්ෂණය කළේ. ගරු අධිකරණයම කියනවා අගතිගාමී විධියට තමයි මේ පරීක්‍ෂණය මෙහෙයවලා තියෙන්නේ කියලා. වර්තමානයේ පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම, ඉහළ නිලධාරීන් වඩා හොඳට හා මව්වරුන්ට සාධාරණයක් ඉෂ්ඨ වන ආකාරයේ පරීක්‍ෂණයක් පවත්වනවා යන බවට අපට හැඟෙනවා“ යැයි වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

     

     

     

     

     

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 20:31

    Latest News