වෛද්‍ය සාෆි නැවත සේවයට කැඳවීමට අවසන් තීරණයක් ගෙන නැහැ (වීඩියෝ)

ජන 13, 2020
  • අනිවාර්ය නිවාඩු යවා ඇති වෛද්‍ය ඒ.එස්.එම්. සාෆි මහතා නැවත සේවයට කැඳවීම සම්බන්ධයෙන්, අවසන් තීරණයක් ගෙන නොමැති බව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්.ඒ. දයා සෙනරත් මහතා පවසයි.

    මෙයට පටහැනිව මාධ්‍ය ජාල මගින් සිදු කරන සියලු ප්‍රකාශයන් අසත්‍ය බව, ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. සාෆි මහතාට විරුද්ධව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා, එහි වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට දන්වා ඇති අතර එය මෙතෙක් ලැබී නොමැත. එම වාර්තාව සහ සාෆි මහතාගේ ඉල්ලීම පිළිබඳව, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තම නිර්දේශ ඉදිරිපත් කරන තෙක්, තම කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බව, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 20:31

    Latest News