පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට නාම යෝජනා කැඳවීමට තීරණයක්

ජන 13, 2020

    පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා කැඳවීමට පක්‍ෂ නායකයින් අද තීරණය කළේය.

    ඒ පාර්ලිමේන්තුවේදී අද පැවති පක්‍ෂ නායක රැස්වීමකදී. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 114 අනුව සෑම සභාවාරයක් ආරම්භයේදීම “තේරීම් කාරක සභාවක්“ පත්කළ යුතුය. අනෙකුත් කාරක සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ද ඉන් සිදු කෙරේ. කතානායකවරයාගේ සභාපතිත්වයෙන් සෙසු පක්‍ෂවල නායකයන් හෝ නියෝජිතයන් ඇතුළු 12 දෙනෙකුගෙන් තේරීම් කාරක සභාව සමත්විතයි. ලබන 21,22,23 හා 24 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය සහ වැඩකටයුතු පිලිබඳව ද අද තීරණය කර තිබේ. කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට සියලු පක්‍ෂවල නියෝජිතයින් සහභාගි වූහ.

     

    Latest News