සංවර්ධන නිලධාරීන් ලෙස පත් කෙරුණු භික්ෂුන් වහන්සේට ගුරු පත්වීම් (වීඩියෝ)

ජන 12, 2020
  • සංවර්ධන නිලධාරීන් ලෙස පත් කෙරුණු භික්ෂුන් වහන්සේට ගුරු පත්වීම් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මහතා පවසයි.

    අගමැතිතුමා මේ බව කියා සිටියේ වාද්දුව, මොල්ලිගොඩ වජිරකොත් මහා විහාරස්ථානයේ පැවති උත්සවයේදී. සමස්ත ලංකා ශාසනාරක‍ෂක මණ්ඩලයේ ප්‍රදාන ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුනානන්ද ස්වාමීන් වහන්සේට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම වෙනුවෙන් උත්සවය සංවිධාන කෙරිණ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඒය පැවැත්විණ. සන්නස් පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

    ඒහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.....

    "හාමුදුරුවරු උපාධිධාරීන් වශයෙන් ඇවිල්ලා හුඟක් අය සංවර්ධන නිලධාරීන් කියලා අනුයුක්ත කරලා තියනවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල. අපි තීන්දුවක් ගත්තා අපේ හාමුදුරුවන්ට සුදුසු වඩාත් පාසල් ගුරුවරුන් වශයෙන් ගිහිල්ලා දරුවන් සුමඟට හැරවීම සහ ලබාගෙන තියෙන විෂයන් පිළිබඳව දරුවන්ට ඉගැන්වීම. ඒ් නිසා ගුරු පත්වීම්වලට ඔවුන් මාරුකර යැවීම සඳහා අපි කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ් තීන්දුව ගන්න මුල්වුෙණ් අපේ නායක හාමුදුරුවරු අපිට කිව්ව උපෙදස් අනුව" යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    භික්ෂුන් වහන්සේ සහ අමාත්‍ය මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මැති ඇමතිවරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ඊට ඒක්වූහ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 17:23

    Latest News