මනම්පිටිය වැලි මිල පහළට (වීඩියෝ)

ජන 07, 2020
  • මනම්පිටිය මහවැලි ගඟ අසබඩ නව වැලි තොටුපොළ ඊයේ විවෘත කෙරිණ.

    එහි සිට කොළඹට ප්‍රවාහනය කෙරෙන වැලි කියුබ් 03ක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් හතළිස් පන්දහස දක්වා අඩුකර තිබේ. මනම්පිටිය වැලි තොටුපළින් කොළඹ දක්වා ප්‍රවාහනය කෙරෙන වැලි කියුබ් 03ක ලොරි රථයක් සඳහා මීට පෙර රුපියල් 65,000ක මුදලක් අය කෙරිණ. ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් නව වැලි තොටුපළ ආශ්‍රිත වැලි මිල පහත දමා තිබේ. ඒ අනුව අඩු කළ මිලට ජනතාවට දැන් වැලි මිලදී ගත හැක. වැලි තොටුපළ විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මනම්පිටිය සිට දිවයිනේ ප්‍රධාන නගර වෙත ප්‍රවාහනය කෙරෙන වැලි කියුබ්වල මිල ගණන් ද මෙහි ප්‍රදර්ශනය කර තිබේ. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පැවති රජය සමයේ වැලි ප්‍රවාහනයේ දී සිදුවු වංචනික ක්‍රියා හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වූ බවයි.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා...

    “වැලිවල නිෂ්පාදනයක් නැහැ. ගඟට පිංසිද්ධ වෙන්න ගඟෙන් ගොඩදාලා දෙන එකක්. ස්වභාවික සම්පතක්. ස්භාවික සම්පත් කිව්වහම වවාගෙන කන්න නෙමෙයි, බෙදාගෙන කන්න. මේකේ අයිතිය පොලොන්නරුව ජනතාව අතට පත්කරලා තියෙනවා මාෆියා කාරයෝ කිහිප දෙනෙක් අතට. කොළඹ ටිපර් එක රුපියල් 60,000යි යහපාලන ආණ්ඩුවේ. තුන්කෝටි හැට ලක්‍ෂයයි ආදායම. මේ බිලේ හැටියට රජයට හිමිවෙන්නේ කීයද? ලක්‍ෂ 20ක් 25ක්. ඉතුරුවා මාෆියා කාරයින්ටයි, මංකොල්ල කාරයන්ටයි“ යැයි රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 07 ජනවාරි 2020 20:03

    Latest News