රන්ජන්ට සහ ශානිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි; ඇමති රෝහිත

ජන 06, 2020

    රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරිණ.

    රෝහිත අබ්ගුණවර්ධන මහතා...

    “රන්ජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පැවැත්වූ සාකච්ජාවක හඬ පටයක් මේ දිනවල සංසරණය වෙනවා. නීතිය කඩලා, පසුගිය යහපාලන රජය රට පාලනය කළ ආකාරය මතය් මෙම හඬපටවලින් පෙන්නුම් කෙරෙන්නේ. මේ රටේ කරලා තියෙන මහා පරිමාණ වංචා, දූෂණවලට වඩා මහා භයානක දෙයක් තමයි මේ කර තිබෙන්නේ.මේ මිනිස් ජිවිතත් එක්ක තමයි සෙල්ලං කර තිබෙන්නේ. ශානි අබේසේකර තාම පොලිස් සේවයේ ඉන්නේ. මේ සිදුවීම්වලට ශානි අබේසේකර සම්බන්ධයි. ඒක නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා සමාජ මාධ්‍යවල සැරිසරන හඬපට ලබාගෙන ශානි අබේසේකරට සහ රන්ජන් රාමනායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි“ යැයි ඔහු කියා සිටියේය.

    “රන්ජන් රාමනායකට නඩු පවරලා තියෙන්නේ දණ්ඩනීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ. ඒ අනුව අධිකරණයෙන් ඔහුට ඇප ලබාදී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ කාර්ය භාරයක්. අපි ඒ දිහා අවධානයෙන් බලා සිටිනවා. මොකද ඒ සම්බන්ධයෙන් ඊට වඩා ඇඟිලි ගැසීමක් තිබුණේ නැහැ. ඒක තමයි මේ රජයේ අවශ්‍යතාවය වෙලා තියෙන්නෙත්, ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙත්“ යැයි ඔහු කියා සිටියේය.

    Latest News