දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමට රන්ජන් නීතියට බලපෑම් කළා-ප්‍රදීප් සංජීව (වීඩියෝ)

ජන 06, 2020
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපට රැසක් අද පොලිස් කොමිසම වෙත බාරදෙනු ලැබීය.

    ඒ, සිංහලේ සංවිධානය විසින්. දුරකතන සංවාද 15කට ආසන්න ප්‍රමාණයක හඬපට මීට අයත්.

    ප්‍රදීප් සංජීව මහතා - ජාතික සංවිධායක - සිංහලේ සංවිධානය ......

    “බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අය අත්අඩංගුවට ගැනිම තමයි මේ හඬපටවලින් නියෝග දී තිබෙන්නේ. ක්‍රිෂාන්ත කන්දප්පා එල්ටීටීඊ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා කළ දේවල් අනාවරණය වීමෙන් පසු මීගමුව ස්ථානමාරුවක් ලබාදීමෙන් පසු සිදුවූ දුරකතන සංවාදයක් තමයි මේ හඬපටවල තියෙන්නේ. ඊළඟට හඬපට තියෙනවා විනිශ්චකාරවරුන්ට රන්ජන් රාමනායක මැදිහත් වෙලා උසස්වීම් ලබාදීපු අන්දම.

    සත්‍ය ගවේෂකයෝ සංවිධානය ද මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙත අද පැමිණිල්ලක් ගොනු කළේය.
    නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා....

    එදා රන්ජන් රාමනායක අපේ රටේ නීතියට පහර දුන්නා, අධිකරණවලට පහර දුන්නා, දේශපාලඥයින්ට පහර දුන්නා, ඒ වගේම සංඝරත්නයට පහර දුන්නා. ඔහුට පළ දී තිබෙන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මයයි.

    Last modified on සදුදා, 06 ජනවාරි 2020 20:34

    Latest News