සිව්වැනි දිනටත් නැගෙන වතුකරයේ හඩ (ඡායාරූප)

දෙසැ 07, 2018

    වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩි  කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් ලංකා කම්කරු කොන්ග්‍රසය වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජනය සිව්වෙනි දිනටත් ක්‍රියාත්මකයි.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ සමාජිකයන් වැඩ වර්ජනයේ නිරත වුවද වතුකරයේ අනෙකුත් වෘත්තිය සමිතිවල සමාජිකයන් සුපුරුදු පරිදි අද (07) දිනයේත් තේ වතු වල සේවා සදහා වාර්තා කර ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

    ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් දියත් කර ඇති වැඩවර්ජනයට සහයෝගය නොදක්වන හැටන් ස්ටැඩන් වතු යායේ  වතු කම්කරුවන් විසින් ඊයේ (06) දින නෙළු තේ දළු කිලෝ 1440 ක් ඊයේ පස්වරුවේ හැටන් ස්ටැඩන් තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවහනය කරමින් තිබියදි ඊයේ පස්වරු 4.30 ට පමණ  හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදි කිසියම් පිරිසක්  ට්‍රැක්ටර් රථයේ තිබු තේ දළු වලට භුමිතෙල් වක් කර එම තේ දළු විනාශ කර තිබුණා.

    අමු තේ දළුවලට භුමිතෙල් වක් කර විනාශ කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරි විසින් හැටන් පොලිසියට පැමිණල්ලක් කර මින් සදහන්කර තිබුණේ දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මග රැක සිට තේ දළු ප්‍රවහනය කල ට්‍රැක්ටර් රථය නතර කර දළු මතට භුමිතෙල් ඉස රු එක්ලක්ෂ විසිදහස් නවසිය හැටක් වටිනා අමු තේ  දළු විනාශ කර ඇති බවයි.

    එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්තාවේ වතු පාලන අධිකාරිය මගින් ඊයේ රාත්‍රියේ එම පැමිණිල්ල ඉවත් කර ගත් බව හැටන් පොලිසිය පැවසිය.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුන්  තම දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලපැම් කරමින් අද දින උද්ඝෝෂනය සිදු කරන අතුරතුර වෙනත් වෘත්තිය සමිතිවල සමාජිකත්වය දරන  වතු කම්කරුවන් පිරිසක් සුපුරුදු පරිදි තේ දළු නෙලිමේ කටයුතු වල නියැලි සිටියි.

    වතු කම්කරුවෙකුට දැනට දිනකට ගෙවන රු  530 මුලික වැටුප රු 600 දක්වාත් පැමිණිමේ දිමනාව වශයෙන් දැනට දිනකට ගෙවන රු 75 දිමනාව රු 140 දක්වා වැඩි කර වතුකම්කරුවෙකුට දිනකට සියළු දිමනා සමග රු 1012 ක වැටුපක් ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාව වතු එකා බද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

     

    2 3

    1 6 1

    1 4

    Latest News